බර ඉසිලීමෙන් තවත් පොදු රාජ්‍ය මණ්ඩල ලෝකඩ පදක්කමක්

 ඡායාරූපය:

බර ඉසිලීමෙන් තවත් පොදු රාජ්‍ය මණ්ඩල ලෝකඩ පදක්කමක්

කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරී වර්ණකුලසූරියට හිමිවීමට බොහෝ දුරට ඉඩක් පවතින බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය ප්‍රකාශ කළේය. එහි ලේකම් ඩබ්ලිව්.ඒ. තමෙල් මහතා ප්‍රකාශ කළේ එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩිකාව තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත්වීම ඊට හේතුවී ඇති බවය. ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් අදාළ ක්‍රීඩිකාව තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත් බව මේ වනවිට දැනුම් දී ඇතැයි ඒ මහතා පැවසීය. ඒ අනුව ඇගේ බී මුත්‍රා සාම්පලය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාව එම ඉසව්වේ සිව්වැනි ස්ථානයට නිමකිරීමට සමත්වූ අතර එහි දෙවැනි ස්ථානය පැපුවා නිව්ගිනියා ක්‍රීඩිකාවක වන ඩිකා ටුආ විසින්ද ලෝකඩ පදක්කම කැනඩා ක්‍රීඩිකාවක වන රැචෙල් ලේබ්ලෑන්ක් බාසිනෙට් විසින්ද හිමිකරගනු ලැබිණි. එහි රන් පදක්කමට හිමිකම් කියූවේ ඉන්දීය ක්‍රීඩිකාවක වන 24 හැවිරිදි සන්ජිතා චානු කුමුකුචාම්ය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා