ජාතික පැරා මලල ක්‍රීඩා තරග හෙට සහ අනිද්දා

 ඡායාරූපය:

ජාතික පැරා මලල ක්‍රීඩා තරග හෙට සහ අනිද්දා

ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අටසියයකට අධික පිරිසකගේ සහභාගිත්වය සහිතව ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරා මලල ක්‍රීඩා තරගවලිය අද සහ හෙට යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග ඉසව් 140 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි මහතා ප්‍රකාශ කර සිටී.

මෙම ජාතික තරගාවලිය ලබන ඔක්තෝබර් මස ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ශූරතාවලිය සඳහා තේරීම් තරගයක් ලෙසද සැලකෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භය හෙට උදෑසන පෙ.ව 8.30 සිට පැවැත්වෙන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ප.ව. 3.00 ට පැවැත්වෙනු ඇත.

[ඩබ්ලිව්.ආර්. කුමාර]


ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සියල්ල සූදානම්

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අනූ හය වැනි වතාවටත් ලබන 3,4 හා 5 යන දිනයන්හිදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. පසුගියවර දියගමදී පැවැති මෙම තරගාවලිය සුගතදාස ධාවන පථය සැකසීමෙන් අනතුරුව එහි පැවැත්වීමට තීරනය කර ඇත.

දිවයිනේ සියලු දක්ෂ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට කදිම පෙරහුරු තරගයක් ලෙසද සැලකෙයි. මෙම මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පැවැත්වෙන එකම තරගාවලිය ලෙස සැලකෙනුයේද ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියයි.

මෙම තරගාවලියේදී ඩන්කන් වයිට්, සී.සී. දිසානායක, එම්.වී. වාසගම්, ඇන්තනි අබේසිංහ, චාන්දි කන්නන්ගර අනුස්මරණ අභියෝගතාව, එන්. වයිරවනාදන් අනුස්මරණ කුසලානය ඇතුළු අභියෝගතා කුසලාන රැසක් මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල හමුවේ ලෝක ශූර ඉන්දියාව පසුබසී

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සමත්විය. අවසන් එක්දින තරගයෙන් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුවද ඊට පෙර පැවැති තරග ද්විත්වයේම ජය හිමිකරගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමයි.

කොළඹ බී.ආර්.සී. පිටියේ මෙම තරගාවලිය පැවැතිණි. තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් මතුගම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් අතර එය ලෝක දෘශ්‍යාබාධිත තරගාවලියේ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායම වෙත පිරිනැමීය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 323ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම වෙනුවෙන් සහන් කුමාර ලකුණු 84ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම 4 පහර 9කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විණි. ඒ අනුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 255ක් පමණි.

ඉන්දියාව 323/8

ගනේෂ් මුදකර් 86, සුනිල් රමේෂ් 54, ලින්ග්‍රාට් 47, චන්දන සූරියආරච්චි 2/56, කෝසල හේරත් 2/59, දිනේෂ් මතුගම 2/62)

ශ්‍රී ලංකාව 255/10 (34.1)

සහන් කුමාර 84, චන්දන සූරියආරච්චි 37, රාම්බීර් 3/40, අජේ රෙඩ්ඩි 2/36)

මාතෘකා