ලුකා මොඩ්රික්ට 2018 බැලන් ඩි ඕර් සම්මානය

 ඡායාරූපය:

ලුකා මොඩ්රික්ට 2018 බැලන් ඩි ඕර් සම්මානය

ක්‍රොඑෂියානු සුපිිරි පාපන්දු ක්‍රීඩක සහ ක්‍රොඑෂියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායක ලුකා මොඩ්රික් මෙවර බැලන් ඩි ඕර් පාපන්දු සම්මානයෙන් පිදුම් ලැබුවේය.

1956 වසරේ සිට ප්‍රංශ පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන බැලන් ඩි ඕර් සම්මානය ලෝකයේ ඉහළතම සහ පැරණිතම පාපන්දු සම්මානයකි. මෙවර මොඩ්රික් මෙම සම්මානයෙන් පිදුම් ලැබීමේ සුවිශේෂත්වය වන්නේ 2008 වසරේ සිට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලියොනල් මෙසී විසින් පස් වරක් බැගින් එහි හිමිකාරකත්වය දරා සිට ඇති බැවිනි. ඔවුන් දෙදෙනා අතර බෙදා ගෙන තිබූ මෙම සම්මානය වසර දහයකට පසු පළමු වරට වෙනත් ක්‍රීඩකයෙක් විසින් හිමිකර ගත් පළමු අවස්ථාව මෙයවේ.

33 හැවිරිදි මොඩ්රික් 2006 වසරේ සිට ක්‍රොඑෂියානු පාපාන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරග 118කටද 2012 වසරේ සිට ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රීඩ් පාපන්දු සමාජය නියෝජනය කරමින් තරග 180කට ක්‍රීඩා කර ඇත.

මොඩ්රික් විසින් මෙවර බැලන් ඩි ඕර් සම්මානය හිමිකර ගැනීමත් සමගම එක් ක්‍රීඩා සමාජයකින් වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් මෙම සම්මානය ලැබූ ක්‍රීඩා සමාජය ලෙස රියල් මැඩ්‍රීඩ් කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත. ඒ එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් බැලන් ඩ් ඕර් සම්මානයෙන් පිදුම් ලැබූ 7 වැනි ක්‍රීඩකයා මොඩ්රික් වීමත් සමඟිනි. බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙක් මෙයට පෙර මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මාතෘකා