ක්‍රිකට් නිලවරණය යළි කල් යයි

ක්‍රිකට් නිලවරණය යළි කල් යයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ අවසන් දිනය තවදුරටත් ලබන වසර දක්වා දීර්ඝ කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය කටයුතු කර තිබේ. පසුගිය 29 වැනිදා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා හා ප්‍රධාන විධායකවරයා මුණගැසීමෙන් අනතුරුව අදාළ තීරණයට එළඹ ඇතැයි සඳහන්.

මේ අනුව ලබන වසරේ පෙබරවාරි 9 වැනිදාට ප්‍රථම නිලවරණය පැවැත්වීමට තීරණයවී තිබේ. නිලවරණ කමිටුවක් පත්කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෙපාර්ශ්වය අතර එහිදී එකඟත්වය ඇතිවී ඇතැයිද සඳහන්ය.

නිලවරණ කමිටුව සඳහා විශ්‍රාමික මහාධිකරණ හා උපරිමාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සහ මැතිවරණ කොමිසමේ කටයුතු කළ විශ්‍රාමික නියෝජිතයකු හෝ ඒ හා පළපුරුද්ද සහිත පුද්ගලයකු පත්කිරීමටද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

කෙසේ නමුත් නිලවරණ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් සඳහා එහිදී සාකච්ඡාවට ලක්ව නැතැයි සඳහන්ය. මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගිවූහ.

මාතෘකා