ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්ස  ලීග් ක්‍රිකට් තරගාවලිය ගාල්ලට ලකුණු 38ක ජයක්

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්ස  ලීග් ක්‍රිකට් තරගාවලිය ගාල්ලට ලකුණු 38ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය යටතේ ඊයේ පැවැති තවත් තරගයකින් ලකුණු 38ක පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩාම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 163ක් රැස්කළේය. ඊට පිළිතුරු වශයෙන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී රැස්කරගැනීමට සමත්වූයේ ලකුණු 125ක් පමණි.

දඹුල්ල පිල ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට උත්සහ කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වේගවත් ලකුණු 73ක් රැස්කළේය. ඒ අතර වාරය තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් ඔහු සිය ඉනිමට ඇතුළත් කළේය. සෙසු පිතිකරුවෝ කිසිවකුත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූහ.

කාසියේ වාසියේ දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේද ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ය. ඔහු හතරේ පහර හතරක් සහ හයේ පහර හතරක් සමඟ ලකුණු 64ක් රැස්කළේ පන්දු 32ක් තුළදීයි. ඔහුට අමතරව ගාලු කණ්ඩායමේ දෙවැනි ඉහළම ඉනිම ක්‍රීඩා කළේ ඇන්ජලෝ පෙරේරා විසිනි. ඔහු ලකුණු 34ක් රැස් කළේය. පන්දුයැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අමිල අපෝන්සු කඩුලු 3ක් දවාගත්තේය.

ලකුණු සාරාංශය

ගාල්ල කණ්ඩායම 163/8 ( කුසල් මෙන්ඩිස් 64, ඇන්ජලෝ පෙරේරා 34, අමිල අපෝන්සු 3/22, ඉසුරු උදාන 1/36, ලක්ෂාන් සඳකැන් 1/37)

දඹුල්ල කණ්ඩායම 125/9 ( ධනුෂ්ක ගුණතිලක 73, කසුන් රාජිත 4/28, සහන් ආරච්චිගේ 2/32, ධනංජය ද සිල්වා 1/12, දුෂ්මන්ත් චමීර 1/21)

[ඩබ්ලිව්. ආර්. කුමාර]

 

මාතෘකා