පවුල් සරණ

පවුල් සරණ

බොහෝ විට ලිංගික ක්‍රියාවලිය නිසා දරුණු රෝග දෙකක් බෝ වෙන බවටත් ඉන් එක් රෝගයක් පවුල්වාදය වන අතර අනෙක ඒඩ්ස් බවටත් අරාබියේ ප්‍රකට කියමනක් තිබේ.

එය කෙතරම් සත්‍යදැයි පසක් වන්නේ මෙරට දේශපාලනයේ සහ ආර්ථිකයේ 'පවුල්වාදය' පැළපදියම්ව තිබෙන අයුරු දකින විටය.

සාමාන්‍යයෙන් ආසියාතික රටවල් 'පවුල්වාදය' කරපින්නාගත් රටවල් බවට ප්‍රකටය. එහෙත් පවුල්වාදයෙන් ඒ රටවල් හෙම්බත්ව මංමුළා වනවා මිස ප්‍රගතිය කරා ගොස් නැත. ශ්‍රී ලංකාව සම්බන්ධවද තත්ත්වය එයමය.

2006 වසර වන විට මෙරට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 17.3%ක්ව

පැවතියත් 2014 වසර අවසානය වන විට එය සටහන් වූයේ 11.6%ක් වශයෙන්ය.

2005 - 2014 කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය බර 233% කින් ඉහළ ගිය අතර එනම් රුපියල්

බිලියන 7391ක් දක්වා රාජ්‍ය ණය බර වර්ධනය විය. 2018 වසරේ රජයේ සමස්ත වියදම බිලියන 4079ක් වන විට මුලික ණය කොටස් ගෙවීමට බිලියන 1150ක් හා පොලිය ගෙවීම සඳහා බිලියන 820ක් පමණ වෙන් කරන්නට රජයට සිදුව ඇත. ඒ අනුව 2018 වසර සඳහා පමණක් සමස්ත ණය ගෙවීමට බිලියන 1970ක් අවශ්‍ය විය. ඒ අනුව සැම පුරවැසියකුටම රුපියල් ලක්ෂයකට

ආසන්න මුදලක් ලබන වසරෙහි ණය ගෙවීම සදහා වැය කිරීමට සිදු වෙයි. එයින් රුපියල් 85,000ක් පමණ පසුගිය පාලන කාලයෙහි ගනු ලැබූ ණය ගෙවීමට

යෙදවිය යුතු මුදල්ය.

ආණ්ඩුව වසර හතරක් පුරා කළේ ඉකුත් ආණ්ඩුවේ 'පව් කන්ද' ගෙවා දමන එකය. මහින්ද ආණ්ඩුව රට ගොඩනැඟූ බවට කරන සාහසික ප්‍රලාප අතිශය ලැජ්ජා සහගතය. විෂම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්

රුපියල් බිලියන ගණනින් විදෙස් ණයකාරයකු බවට රටේ ජනතාව පත්කිරීම, රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම ගැන දශමයක හෝ අවධානයක් යොමු නොකිරීම, ඉහළ පොලී අනුපාතයකට ලබාගත් වාණිජ ණය ගෙවීමට තවත් වාණිජ ණය ගැනීම, රාජ්‍ය ණය බරතාවය රාජ්‍ය

ආයතන තුළ සඟවා ජාතික ගිණුමෙන් එය සැඟවීම, ආර්ථික දත්ත විකෘති කර වාර්ෂික ආර්ථික වර්ධනය ගැන ව්‍යාජ පුවත් සමාජගත කිරීම එවක මනාව සිදු විය.

පත් වූ ආණ්ඩුවට ගෙවන්නට තිබූ සහ තිබෙන ණය කන්දරාව අප්‍රමාණය. ඒ මදිවට කිසිදු නිශ්චිත

පදනමකින් තොරව බඳවා ගත් සේවකයන්ට රැකියා දීම පවා ඒ අය හරියට සිදු කොට නැත. පව් ගෙවීමට සිදු වී ඇත්තේ පවතින ආණ්ඩුවටය. හැමදේම 'යහගුණයෙන්'

පිරී ගිය බවටත් ආශ්චර්යය උපරිම බවටත් කළ

සන්දර්ශනයෙන් පසු හැරී බැලුවාම සේරම අස්සේ තියෙන්නේ 'හිස් ප්‍රලාප' විතරක් බව තෝරා බේරා ගැනීම අපහසු නැත.

ඒ අතර සමහරු මහින්ද රාජපක්ෂ හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කරගන්නට සිහින දකිති. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ‘බලහත්කාරයෙන්’ සම්මත කරගෙන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා අවසන් ඇණය ගැසූ පාලකයෙක්ගෙන් එවැන්නක් ගැන අපේක්ෂා දල්වා ගැනීමම ඛේදවාචකයකි.

සියල්ල අතර මේ වන විට මහින්ද පාර්ශ්වය ජනාධිපතිවරණයට 'රාජපක්ෂ'වරයකු නම් කරන බව කියයි. හිටපු ජනාධිපතිවරයා වරක් සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතට ලබාදුන් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වයස බාධාවක් වී ඇති බැවින් තම සහෝදරයකු ඒ සඳහා ඉදිරිපත් කරන බවයි. රජකමට සුදුසු කුමරු සොයා මංගල හස්තියා පැමිණ දණ නමතැයි ඔවුන් සිතනවා විය යුතුය.

සමහරු සිතනවා ඇත්තේ තවමත් ශ්‍රී ලංකාව එක පවුලක 'සමාගමක්' කියා විය යුතුය.

මාතෘකා