වැරදි, අත්වැරදි සහ තීරණ

වැරදි, අත්වැරදි සහ තීරණ

ජෝර්ජ් ජුනියස් ස්ටිනි 1944දී විදුලි පුටුවේ හිඳුවා නීතියේ නාමයෙන් අමානුෂික ලෙස ඝාතනය කරන විට ඔහුට වයස අවුරුදු 14කි. වයස අවරුදු 11ක සහ 7ක කුඩා ගැහැනු දැරිවියන් දෙදෙනකු ඝාතනය කිරීම ඔහුට එදිරිව එල්ල වූ චෝදනාව විය.

දරුවන් දෙදෙනකු ඝාතනය කළ පුද්ගලයා වයස් භේදයෙන් තොරව 'ඝාතකයකු' ලෙස හංවඩු ගසනු ලැබීය. අත්අඩංගුවට පත් ජෝර්ජ් දින 81ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලදී. ඒ ඔහුගේ නිවසින් කිලෝමීටර 80ක් ඈතින්ය. එම කාලය තුළ ජෝර්ජ්ට ඔහුගේ මව්පියන් බැලීමට කිසිදු අවස්ථාවක් නොලැබිණ.

අධිකරණයෙහි සිටි දහස් ගාණකින් එකම කළු ජාතිකයා මේ නොදරුවාය. සෙසු සියලු දෙනා සුදු ජාතිකයන්ය. කෙළවරක් නැති හරස් ප්‍රශ්න දරුවාට යොමු විය. කිසිදු කළු ජාතිකයකුට අධිකරණයට ඇතුළු වීමට අවසර ලබා නොදුන් අතර නඩු විභාගය පැය දෙක හමාරක් පැවතිණි. ඒ කාලය මුළුල්ලේම දරුවා සිටියේ කුඩා බයිබලයක් සිය කුඩා දෑත් මත තබාගෙනය. ඔහුට වචනයක් හෝ කතා කිරීමට ඉඩක් නොවිණි.

ජූරි සභිකයන් වූ සුදු ජාතිකයන් ඉදිරියේ නිහඬව කඳුළු සලමින් ඔහු සිය නිර්දෝෂීභාවය පෙන්වන්නට වෑයම් කළේය.

එහෙත්

ඔහු වාසනාවන්ත වූයේ නැත. ජූරි සභාව විසින් ජෝර්ජ්ව වරදකරුවකු බවට තීරණය ලබා දුන් අතර ඔහුට මරණ දඬුවම නියම විය.

විදුලි පුටුවේ හිඳුවා ඔහුව මරා දැමීමේ දිනය සහ වේලාව වූයේ 1944 ජුනි මස 16 වැනිදා රාත්‍රී 7.30 ය.

ජීවත් වීමේ සිහිනය විනා මරණයේ සීතල නොදන්නා දරුවකුට ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරිගෙයිදී මරණ දඬුවම නියම විය.

ඒ වන විටත් ඉලෙක්ට්‍රෝඩ සහිත මුහුණු ආවරණ හා හිස්වැසුම් කුඩා දරුවන් වෙනුවෙන් නිපදවා නොතිබිණි.

වැඩිහිටියන්ට පළඳවන මුහුණු ආවරණ හිස්වැසුමකින් මේ නොදරුවාගේ හිස වසන්නට සිදු විය.

විනාඩි හතරක් පුරා 2400v ක විදුලි සැර කුඩා ජෝර්ජ්ගේ හිසට එල්ල විය.

අන්තිමට ඔහු මරණය වැළඳ ගත්තේය.

සියල්ල ඉන් නිමවෙතැයි එවක බලධාරීහු විශ්වාස කළහ.

එහෙත් කාලයේ වැලිතලාවෙන් කුමක් වැසී ගියද සත්‍යය වැසී යන්නේ නැත. වසර 70කට පසු 2014දී නැවත මෙම නඩුව විවෘත කර ඇසීමට දකුණු කැරොලිනා අධිකරණය තීන්දු කළේය. සියල්ල හෙළිවන්නේ ඒ අතරය.

ජෝර්ජ්ගේ පාපොච්චාරණය ඔහුව බිය වද්දවා බලහත්කරයෙන් ලබා ගත් එකක් බව හෙළි විය. නඩු විභාගය සම්පූර්ණ ලෙසම වැරදි සහගත ලෙස පවත්වා ඇති බවත් හෙළි විය.

නඩුව විභාග කළ කැමරන් මුලන් නඩුකාරවරිය ඉතිහාසයේ තීරණාත්මක වරද නිවැරදි කළාය. ජෝර්ජ්ට ලබා දුන් දඬුවම කෲර සහ අමානුෂික බව ඈ තීන්දු කළාය.

එහෙත් ඒ වන විටත් සියල්ල සිදු වී හමාරව තිබිණි.

සරසවි වරම් ලබා සිටි යුවතියක් සිය පෙම්වතා සමඟ වාහනයක ගමන් කරමින් සිටියදී පෙම්වතා මොහොතකට වාහනය නවත්වා වෙනත් ඉසව්වකට ගියේය. ඒ අතරතුර පොලිසිය කඩා පැන්නේය. යුවතිය සමීපයෙහි වූ බෑගයක කුඩු තොගයකි. පෙම්වතා පළා ගිය අතර පෙම්වතිය පොලිස් දැලේය.

'කුඩු බෙදාහැරීමට අනුබල දීම' යටතේ ඈ හිරගතවය.

සිය පෙම්වතා කුඩු විකුණන්නකු බව ඈ දන්නේ නැත. මරණ දඬුවම ක්‍රියාත්මක වූ විට බොහෝ විට ඈ......!

මාතෘකා